Thursday, June 14, 2012

දුක දන්නෙ වෙන කවුද - රොෂාන් ප්‍රනාන්දු

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුනු එක්කර තවත්
සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්


හැර යන්න ආදරයෙ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇතිකර ගැටුම් //
වැලපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
පෑහෙන්නෙ නෑ වැරදිකාරියෙ ඉතින්
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්


ගනදුරට පෙම් බදින තරු යායට
මල් යාය විකසිත වෙලා කුමකට //
මං ආයෙ හිනැහෙන්න උර මඩලට
ලං වෙන්නෙ නෑ කදුලු පූජා කර



දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්.......


ගායනය -  රොෂාන් ප්‍රනාන්දු


MP3 - http://ananmanan.lk/free_sinhala_mp3/download.php?id=2312

No comments:

Post a Comment