Tuesday, June 12, 2012

මනමාල සිතක් - දිනේෂ් තරංග

මනමාල සිතක් තිබුනද ලගින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ..
ලගින් ඉන්න පින් මදිවද හදට ඔය නු‍ඹේ
ඉතින් දෙන්නකෝ අවසර රැදෙන්නට හදේ..



මනමාල සිතක් තිබුනද ලගින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ...



නල රැලි මත අදිමන් කියු ආදර කතාව කොහෙදෝ...
ලං වෙන්නට නුඹගේ සිත ඇතිවද ‍අද වෙන කෙනෙකුගෙ ඇසුරේ..
බිදක් මතක නම් මං ගැන ඇසුර පෙර ලෙසේ..
හැම දා ඉන්නම් මා.......



මනමාල සිතක් තිබුනද ලගින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ



නැත කිසි දින වැටුනේ වෙන ලදකගෙ ආදර දැහැනේ..
සිත තවමත් එහෙමයි ඔබ ගැන උන් හැටි ලෙස ඉස්සර දවසේ..
වෙන් වෙන්නම් කීවොතින් ඔබේ ඔය මුවෙන්..
හැර යන්නම් මා........



මනමාල සිතක් තිබුනද ලගින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ..
ලගින් ඉන්න පින් මදිවද හදට ඔය නු‍ඹේ
ඉතින් දෙන්නකෝ අවසර රැදෙන්නට හදේ...


ගායනය - දිනේෂ් තරංග



MP3 - http://www.fmderana.lk/content/video/fmsongs/Dinesh%20Tharanga%20-%20Manamala%20Sithak%20%5Bwww.FMDerana.lk%5D.mp3




Video -


No comments:

Post a Comment