Thursday, June 14, 2012

නොදැක ඉන්න බෑ - රුවන් හෙට්ටිආරච්චි

නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ //

පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා
මා හැරදමා සිහිවෙනවා
ඔබ කී කතා මුළු රෑ පුරා

මතකේ දරා විඳිමි සදා
මතකේ දරා විඳිමි සදා 


මිහිඳුම් වළා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජා කලා
අඳුරේ තියා සඟවා දමා
මේ වේදනා යළි එනතුරා

දිවියේ පුරා ඉඳිමී බලා


ගායනය - රුවන් හෙට්ටිආරච්චි



MP3 - http://www.hirufm.lk/musicdownloads/audio-167

No comments:

Post a Comment