Friday, June 22, 2012

පැහැසර - සෙන්ටිග්‍රේඩ්ස්

මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා..
උන් අප ආ ගිය මග වග තොට මතක අගුලු හැරදාලා..
වාවන්නට බැරි තැන දුක් කඳ දෙනෙත් පියන් කවුලු කඩා..
දෝරෙ ගලා ගිය උණූ කඳුලැලි වියලි දෙතොල් මත වැටුනා..


පැහැසර ඔබෙ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනෙහේ හද රිද්දනවා රහසේ..


මැලවුණු මගෙ දෙතොලෙහි රැඳි තතු
සැමගෙන් සඟවා ඉන්න..
ඔබ නොමැතිව සිනහ නගන යුරු
ම‍‍ට කියා දී යන්න..


උමතුව හද විලාප දෙන හඬ අහගෙන ඉන්න..
බිඳකට ඇවිදින් මගෙ ලය මත ඔය සවන තියන්න..



පැහැසර ඔබෙ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනෙහේ හද රිද්දනවා රහසේ..


MP3 Download Here!

No comments:

Post a Comment